PARIGANAKA.COM


Fobo ගෙන එන bluetoothටයර පීඩන මීටරය

තමන්ගේම වාහනයක යනෙන ඔබට එහි කාන්දු වෙමින් පවතින ටයරයක් තිබීම කොතරම් හිසරදයක්දැයි අත්දැකීමෙන්මඔබ දන්නවා ඇති. මන්ද යත් ගමන පුරාවටම ඔබ සිතන්නේ අන් කිසිවක් ගැන නොව එම ටයරය තිබියදී අනතුරක් නොවී කොතරම් දුර යා හැකිද යන්න ගැන පමනකි. මෙවන් අවස්ථාවන් වලදී හිතේ චකිතයටම වරින් වර රියෙන් බැස ටයර පරික්ෂා කිරීම ඉතාම කරදරකාරී මෙන්ම යන ගමනද පමා කරවයි. ඉදින් මෙම ප්රටශ්නයට bluetoothතාක්ෂනය යොදා ගනිමින් පිළිතුරක් සොයන්නට Foboසමාගම සමත් වී තිබේ. මෙය Tire Pressure Monitoring System (TPMS) හෙවත් ටයර පීඩන අධ්යියන පද්ධතියක් හඳුන්වනු ලබන අතර එහි bluetooth4.0 තාක්ෂනය භාවිත කරගනිමින් නිෂ්පාදනය වී ඇත. ඔබගේ smart දුරකථනය යොදා ගනිමින් දවසේ ඕනෑම වෙලාවක , වසරේ ඕනෑම දි....

ලේසියෙන් share කරන Jumpshare

ඔබගේ පරිගණකයේ ඔබ විවිධ අවශ්යාතාවයන් සඳහා නිර්මාණය කරගනු ලබන ලිපි ගොනු (files) අද වන විට OneDrive හා Dropbox භාවිතයෙන් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට ඔබට හැකිය. නමුත් Jumpshareභාවිතා කරමින් ඊටත් වඩා පහසුවෙන් එම ලිපි ගොනු හුවමාරු කරගත හැකි බව ඔබ දන්නවාද?

Jumpshareහි ඇති විශේෂත්වය කුමක්ද යන්න ඔබට දැන් සිතනවා ඇති. පළමුකොටම ගත් කල , මෙයට ඔබගේ browser එක තුලදී එකිනෙකට වෙනස් ලිපි වර්ග විශේෂ (file formats) 200කට වඩා හසුරුවීමේ හැකියාව ඇත. දෙවනුව ගත් කල මෙම Jumpshareභාවිතය ඉතාම පහසු වේ. ඔබට කිරීමට ඇත්තේ අදාළ file එක Jumpshareහි icon එක මතට ඇද දමා එය කිරීමයි. එවිට ඔබට හුවමාරු කල හැකි link එක clipboard එක මත දිස්වනු ඇත. එසේත් නැතිනම් එහි pop up මෙනුවේ ඇති හුවමාරු කිරීමේ විකල්ප (sharing options) භාව....

Laptop පරිගනකයේ "battery low "ප්ර ශ්නයට විසඳුම්

"Phone එකේ battery low" නැතිනම් "Laptop එකේ battery low",...මෙය එදිනෙදා ජීවිතයේදී අපට අහන්නට දකින්නට පමණක් නොව ඇතැම් වට අත්දකින්නටද වන අත්දැකීම් අතුරින් එකකි. Smart දුරකථන හා laptop පරිගණක අපේ දෛනික කෙතරම් පහසු කලද, ප්ර"ශ්නය ඇති වන්නේ ඉහත කී මොහොතේදීය. එනම් , laptop හා smart දුරකථන විදුලි සැපයුමකට සම්බන්ධ නොකර සම්පූර්ණ දිනක් එක දිගට භාවිතා කිරීමට නොහැකි වීමයි. ඇත්ත වශයෙන්ම වැඩ කටයුතු අධික හා හදිසි අවස්ථාවකදී එසේ බැටරිය බැස යාම ඉතාම කරදරකාරිය. කෙසේ හෝ ජංගම දුරකථන සම්බන්ධයෙන් පැවති මෙම ප්ර ශ්නය මේ වන විට තරමක් දුරට විසඳි ඇතත්, laptop පරිගණක සම්බන්ධයෙන් නම් එය එසේමය. ඉදින් එවන් පරිගණකයක් සම්පූර්ණ දිනයක් බැටරි බලයෙන් පවත්වා ගැනීමට නොහැකි වුවද, වි....

පරෙස්සම් වන්න! ඔබ ගේ USB සහ SSD වලින් මකා දමන ලද Files ඕනෑ ම අයකුට නැවත ලබා ගත හැකි යි.

USB උපකරණ සහ SSD කාඩ්පත් යනු පහසුවෙන් දත්ත ගබඩා කොට පරිගණක අතර හුවමාරු කර ගැනීම සඳහා අප කවුරුත් භාවිත කරන ක්‍රමවේද දෙකකි. අදාළ කාර්යය ඉටු කර ගැනීමෙන් අනතුරු ව හෝ එම උපකරණවල මතක ධාරිතාව නිම වූ පසු නව දත්ත ඇතුළත් කිරීම සඳහා හෝ අපි පවතින Files මකා දමමු. ඒවා වෙනකකු අතට පත් විය හැකි යැයි අප සිහිනෙන් හෝ සිතන්නේ නැත.

මෙහි අවාසියක් වන්නේ ඉතා පහසුවෙන් එම තොරතුරු අන් අය අතට පත් වීම යි. එහෙත් මෙහි වාසියක් ද පවතී. එනම්, අතපසු වීමකින් delete කරන ලද යම් තොරතුරක් නැවත ලබා ගැනීමේ හැකියාව පැවතීම යි.

Image
Windows 7 හි Stiky Notes සමග වැඩ කරමු

වැඩ කරමින් ඉන්නා විට, හිටි හැටියේ හිතට නැගෙන අදහස් ඔබත් ඔහේ අතට අසුවන කොලයක කුරුටු ගා දමනවා ඇති. එසේ වුවත් දවසේ වැඩි කාලයක් පරිගණකය ඉදිරියේ ගෙවන අයෙක් නම් කඩදාසි පාවිච්චියට වඩා පරිගණකය භාවිතයෙන්ම short notes තබා ගැනීම ඉතා පහසුවක් වේවි. මේ අපි ඔබ දැනුවත් කරන්නේ, Windows 7 පරිගණකයක් තුලදී, එහි ඩෙස්ක්ටොප් එක තුළම 'අලවා' තබා ගත හැකි short note එකක් පහසුවෙන් තනා ගන්නා ආකාරය ගැනයි.

windows 7 සමග අළුතෙන් හඳුන්වාදෙනු ලැබූ කුඩා වැඩසටහනක් ලෙස Stiky Notes දැක්විය හැකියි. මෙහි එකම කාර්යය වන්නේ ඔබේ කුරුටු සටහන් ගබඩා කර ගන්නා ඩිජිටල් කොල කැබැල්ලක් ලෙස සේවය කිරීමයි. වෙනත් විදියකට පවසනවා නම්, Stiky Notes Open කළ විට ඔබට ලැබෙන 'කොළයේ' ඔබේ සටහන් සිය....

Windows 8.1 භාවිතයෙන් නව Apps ඔස්සේ Print කරමු..

Windows 8.1 යනු, කෙටි කලකින් බොහෝ දෙනා ගේ අවධානය දිනා ගත් මෙහෙයුම් පද්ධතියකි. වෙනත් මෙහෙයුම් පද්ධතිවල නොමැති පහසුකම් රාශියක් මේ ඔස්සේ කරළියට පැමිණේ. සාමාන්‍ය apps ඔස්සේ print කිරීම තිරයේ සිට ම ඉතා පහසුවෙන් සිදු කළ හැකි නමුත්, නව apps සඳහා සුවිශේෂ ක්‍රමවේදයක් පවතී. Windows 8.1 යටතේ මෙම පහසුකම ලබා ගැනීම කිසි සේත් දුෂ්කර කටයුත්තක් නො වේ.

printer එක install කිරීම පළමු ව සිදු කළ යුතු ය. Canon MX920 ප්‍රින්ටරය යොදා ගන්නේ යැයි කල්පනා කරමු. එහි දී උපකරණය පරිගණකයට සම්බන්ධ කළ යුතු ය.

Image

Windows Key + W යන....

රටවල් මගින් තහනම් කරන ලද වීඩියෝ අඩවි වෙත පිවිසෙමු...

අන්තර්ජාලය යනු නිදහස් ස්ථානයක් බව සැබෑ ය. එහෙත් තුර්කියේ පනවන ලද Youtube තහනම වැනි පුවත් විටින් විට අසන්නට ලැබේ. එහි දී සිදු වන්නේ ඒ ඒ රටවල් විසින් එම රටවල සිට යම් යම් වීඩියෝ අඩවි වෙත පිවිසීම තහනම් කිරීම යි.

මෙසේ තහනම් කරන ලද අඩවි වෙත පිවිසීමට හැකි ක්‍රමවේද ද නූතන තාක්ෂණය ඔස්සේ සොයාගෙන තිබේ. එහෙත් ඒවා අත්හදා බැලීමේ දී රටෙහි පවතින නීතිමය තත්ත්ව පිළිබඳ ව ද අවධානය යොමු කිරීම වැදගත් ය. Proxy එකක් භාවිතය ද මේ සඳහා සිදු කළ හැකි නමුත්, වේගය අඩාළ වීම සහ විශ්වසනීයත්වය අඩු වීම එහි දී පැන නගින ගැටලු ලෙස හඳුනා ගත හැකි ය. මෙයට ඇති විසඳුම නම් ඒ වෙනුවට browser extension එකක් භාවිත කිරීම යි. ....

අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකු සොයා ගනිමු...

ගම්පෙරළියේ නන්දා, ජිනදාස සොයන්නට ඔහු වෙසෙන ගම් පළාතට පුද්ගලයකු පිටත් කළ බව අපි දනිමු. එහෙත් නූතන තාක්ෂණය ඔස්සේ පුද්ගලයකු සොයා ගැනීම එතරම් අපහසු නැත. අප මේ අවධානය යොමු කරනුයේ අන්තර්ජාලය මගින් යම් පුද්ගලයකු සොයා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රමවේද සම්බන්ධයෙනි.

Facebook යනු ලොව වඩාත් ප්‍රචලිත සමාජ ජාලයක් බව අපි දනිමු. එක් මාසයක් තුළ එහි ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව බිලියන 1.23කට ආසන්න ය. ඔබ සොයන පුද්ගලයා සතු ව Facebook ගිණුමක් තිබේ නම්, එම ජාලය ඔස්සේ ඔහු සොයා ගැනීම ඉතා පහසු කටයුත්තක් වනු ඇත. ඔහු ගේ නම වෙනත් බොහෝ දෙනකු භාවිත කිරීම, ඔබ සොයන පුද්ගලයා අන්තර්ජාලයට සම්බන්ධ නොවන තැනැත්තකු වීම වැනි බාධක මෙහි ද....

ඔබත් නො දැනී ම hack වෙලා ද ? - අහක යන නයින් මල්ලට දා ගන්න එපා !

වර්තමානයේ පරිගණක තාක්ෂණ දියුණුව යනු, හුදු යහපත් ඉලක්ක උදෙසා ම ක්‍රියාත්මක වන්නක් නො වේ. බොහෝ පීඩාදායී කටයුතු සඳහා ද නවීන උපක්‍රම අනුගමනය කරනු අසන්නට ලැබේ. hack කිරීම සහ hack වීම යනු මෙබඳු හානිදායක අවස්ථා දෙකකි. ඔබටත් නො දැනී ම යම් මොහොතක ඔබ hack විය හැකි ය.

Image

ඔබ security software එකක් තෝරා ගැනීමේ දී ඉහළ ආරක්ෂාවක් සහිත සහ පරිගණකයේ කාර්යක්ෂමතාවට බාධා නොකරන වැඩසටහනක් තෝරා ගන්නා බවට සැකයක් නැත. එහෙත් මෙය සියලු කාලයට සාධාරණ නොවිය හැකි ය. මක් නිසා ද යත්, අද ඔබ තෝරා ගන්නා වැඩසටහ....

Cloud පහසුකම

Cloud පහසුකම ලබා දෙන සේවාවන් කිහිපයක් පවතින බව අපි දනිමු. කුමන සේවාව තෝරා ගත යුතු දැයි ඔබට ගැටලුවක් පවතින්නට පිළිවන. එහෙත් මතක ධාරිතාව අතින් එක් සේවාවක් ඉදිරියෙන් සිටින කල, පහසුකම් අතින් වෙනත් සේවාවක් ඉදිරියෙන් සිටී. මේ නිසා ඔබ තෝරා ගත යුතු සේවාව තීරණය වන්නේ ඔබේ අවශ්‍යතාව මත ය.

Microsoft සමාගම, ඔවුන් ගේ SkyDrive පහසුකම OneDrive ලෙස නව මුහුණුවරකින් හඳුන්වා දීමත් සමග එයින් සැලසෙන සේවාවන් පුළුල් වී ඇති බව දැක ගත හැකි ය. Cloud පහසුකම ලබා දෙන Dropbox, Microsoft OneDrive, Google Drive, Apple iCloud සහ Amazon Cloud Drive වැනි සෙසු සේවාවන් ද සංසන්දනාත්මක ව විමසා බැලීම මෙම සටහනේ අරමුණ යි.

Img

....