ධාවන පතයක් රහිතව කෙලින්ම ඉහලට එසවෙන අනාගත ගුවන් යානා

මෙවැනි හෙලිකොප්ටර හා ගුවන්යානා දෙමුහුන් (හයිබි‍්‍රඞ්) යානා කි‍්‍රයා කරන්නේ බැටරි බලයෙන්. ඒ නිසා ඒවාට ධාවන පථයක් අවශ්‍ය නැහැ. කෙළින් ම හිටි තැනම ඉ හළට නඟින්න පුළුවන්.දැන් වායු බලශක්තිය පිළිබඳ ඉංජිනේරුවන් කණ්ඩායමක් වෙහෙස ගන්නවා, ධාවන පථයක් නැතිව කෙළින්ම ඉහළ නැඟිය හැකි කුඩා ඉලෙක්ටි‍්‍රක් ගුවන් යානයක් නිපදවන්න.

මෙලෙස ඉහළට එසවෙන්නේ හෙලිකොප්ටරයක් ඉහළ නඟින විධියටයි. එය නම් කර ඇත්තේ ‘එස් 2’ කියායි. මේ ‘එස් 2’ යානයෙහි බමන තල 12ක් තියෙනවා. ඉහළ නැංවූ පසු ඒ බමන තල හකුළා ගෙන සාමාන්‍ය ගුවන් යානයක් මෙන් පියාසර කළ හැකියි.

ඒ ඉලෙක්ටි‍්‍රක් ගුවන් යානයට එක එල්ලේ ම ඉහළට නැඟ, ඉහළට නඟින්න යොදා ගත් බමන තල ගුවනට නැංග පසු හකුළා ගන්න පුළුවන්.

එස් 2 (S2) යානයේ තාක්ෂණය

Image

විදුලි මෝටර: සැහැල්ලූ, ජවයෙන් වැඩි, හොඳින් කි‍්‍රයා කරන මෝටර පෙළකින් තමා යානයට බලය සැපයෙන්නේ.බමන තල: හෙලිකොප්ටර තල හා සමාන බමන තලවලින් ඉහළට එසවීම සිදු කර පසුව ඒවා සිරස් අතට හැකිළී සාමාන්‍ය අහස් යානයක් සේ පියාසර කිරීමට ඉඩ සලසනවා.විදුලිකෝෂ: නව පරම්පරාවේ ලිතියම් පොලිමර් බටරිවලින් තමා බලය සැපයෙන්නේ. ඒවා සාම්ප‍්‍රදායික ඉන්ධනවලට වඩා කාර්යක්ෂම බවක් පැවසෙනවා.

සංවේදක: ස්මාට් ෆෝන්වල වාගේ සංවේදක හැකියාව ඇති තාක්ෂණයක් මෙහි තිබෙන අතර. කලින් රොකට් තාක්ෂණයට පමණක් යොදා ගත් මේ තාක්ෂණය භාවිත කරන පරිපථ පුවරුව මුද්දරයකට වඩා ලොකු නැහැ. මෙහි නිර්මාතෘ ජෝබෙන් බෙවර්ට් (JoeBen Bevirt) තවමත් ‘එස් 2’ යනයේ නියම ප්‍රමාණයේ ආකෘතියක් තනා නැහැ. ඒත් කිලෝ ග්?ම් හතර හමාරක පුංචි ආකෘතියක් නිපදවා තියෙනවා. එය මෙය හොඳින් කි‍්‍රයාත්මක වන පෙන්වීමට තරම් ප්‍රමානවත් ආකෘතියක් කියලයි ඔහු කියන්නෙ.

මේ අනුරුව නාසා ආයතනයේ විශේෂඥයන්ගේ අවධානය දිනා ගත්තා. දැන් ඒ අය කිලෝ ග්රෑම් 25ක ආකෘතියක් තැනීමට මුදල් යොදවා තියෙනවා.මේ සැලසුම ජෝබි ඒවියේෂන් (Joby Aviation) ආයතනයයි. කැලිෆෝනියාවේ සැන්ටා කෲස්හී පිහිටි ඒ ආයතනය සුපිරි පරිගණකයෙන් ‘එස් 2’ යානයේ කිලෝ ග්රෑම් 770ක් බර සම්පූර්ණ ප‍්‍රමාණයේ අනුකරණයක් සැකසුවා. ඔවුන් කීවේ ඒ යානයෙන් දෙදෙනකුට නිව්යෝක් නගරයේ සිට බොස්ටන් දක්වා කිලෝමීටර 322ක දුරක් පැයකට අඩු කාලයකින් යා හැකි බවයි.

Image

මෙවැනි ගමනකට කිලෝවොට් පැය 50ක විදුලි බලය අවශ්‍ය වෙනවා. එය සාමාන්‍යයෙන් පුද්ගලික ගුවන් යානයක් ඉන්ධන ගැලූම් එක හමාරක් වැය කරමින් යන ගමනකට වඩා පස් ගුණයක් කාර්යක්ෂමයි.

Image

‘පොපියුලර් සයන්ස්’ (Popsci) වෙබ් අඩවියට මේ ගැන අදහස් දක්වමින් බෙවර්ට් කීවේ, දශකයකට පෙර මෙවැනි යානයක් තැනීම කළ නොහැකි දෙයක් වූ බවයි. ”සුසංගත, කාර්යක්ෂම විදුලි මෝටර්, බලය වැඩි දියණු කොට, කැටි කළ බැටරි, ස්මාට් පාලක පද්ධති, කිසිදාක නොතිබුණු සියුම් සංවේදක උපකරණ අපට ලබා දුන් නවීන තාක්ෂණික දියුණුවට පින්සිදුවෙන්නට අපට මේ ‘එස් 2’ යානය ළඟදීම ගුවනට නංවන්න හැකි වේවි.” ඔහු විශ්වාසය පළ කරනවා.මෙහි ඇති වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ තිරස් අතට තිබී නැවත සිරස් අතට පිහිටුවිය හැකි, ආපසු ඇද ගත හැකි පියාපත් ක‍්‍රමයයි. හෙලිකොප්ටරයක මෙන් හිටිවනම ඉහළ නැඟ ගුවන් ගමනට සරිලන පරිදි වෙනස් කළ හැකි පියාපත් ක‍්‍රමයයි.

”පරිගණකවලට හැකියාව තියෙනවා, මෙහි ඇති මෝටර් තත්පරයකට 4,000 වරක් දක්වා වැඩි කොට එහි කාර්ක්ෂම බව වැඩි කරන්නට. ඒ වාගේ ම ශබ්දය අඩු කොට පියසැරි පාලනය ක‍්‍රමවත්ව ගෙන යන්න.” මෙහි නිෂ්පාදන සමාගම කියනවා. මෙහි දැක්වෙන සම්පූර්ණ ප‍්‍රමාණයෙන් යුත් ‘එස් 2’ පරිගණක අනුකාරක යානය රාත්තල් 1,700ක් බරයි. එමගින් දෙදෙනකුට නිව්යෝක් හා බොස්ටන් නගර අතර ඇති සැතැපුම් 200ක් වූ දුර පැයක් වැනි කාලයකදී යා හැකියි.

එස් 2 යානය පිළිබඳ ආකෘතීන් තනමින් අත්හදා බලද්දී රෝල්ස් රොයිස් ආයතනය ලෝකයේ ප්‍රථම කෙටි දුර ගුවන්ගතවීම් හා සෘජු බස්සවීම් (short take-off and vertical landing) කළ හැකි යානය තනා නිම කර ඉවරයි. ඒ වර්ගයේ යානා කෙටි වදනින් හැඳින්වෙන්නේ ‘ස්ටෝල්’ (STOVL) කියායි. ඔවුන් මේ තනා ඇති යානය ‘ජොයින්ට් ස්ට්රයික් ෆයිටර්’ කියා නම් කර තියෙනවා.

Image

කලින් ඔවුන් තැනූ සුප‍්‍රකට හැරියර් ජෙට් (Harrier jet) යානා හා එහි එසවුම් තාක්ෂණය මෙහිදී වඩා දියුණු කොට භාවිත කරනවා. මෙයට මිනි කාර් 17ක් එකවර එසවීමේ හැකියාව තියෙනවා. නියමුවන්ට මේ යානය ආරක්ෂා සහිතව පදවන්නට පුළුවන්. හෙලිකොප්ටරයක් මෙන් ඉහළ එක තැන රැුඳී සිටින්නටත් කෙළින් ම ඉහළ නඟින්නත් පුළුවන්.මෙය ප‍්‍රහාරක ජෙට් යානයක්. මෙය ස්ටෝල් වර්ගයට අයත් තුන් වැනි යානා විශේෂයයි. යෝජිත එස් 2 මෙන් නොව මෙය ඉහළ නැංවීමට කෙටි දුර ධාවන පථයක් අවශ්‍ය වෙනවා. මෙහි එසවුම් පද්ධතිය හුඟක් වැඩි දියුණු කර තියෙනවා. හැරියර් ජෙට්වලට වඩා දෙගුණයක බරක් ඔසවා ගෙන ඊට වඩා දුරක් යා හැකියි.

රාජකීය ගුවන්හමුදාව මෙතෙක් පාවිච්චි කළ වඩාත් පැරණි ටෝනාඩෝවලටත් දැන් විශ‍්‍රාම යවන හැරියර් ජෙට් යානා වෙනුවටත් මේ ජොයින්ට් ස්ට‍්‍රයික් එළිසබත් ගුවන් යානාහාරක නෞකාවේ සේවයට යොදවා ගන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.නව නිපැයුමක් ලෙස මෙය රාජකීය ඉංජිනේරු ඇකඩමියේ මැක්රොබට් සම්මානය සඳහා දැනටමත් නම් කර තියෙනවා. ‘ජොයින්ට් ස්ට්රයික් ෆයිටර්’ ප‍්‍රහාරක යානා මුලින් ම ආවේ 2012 දීයි. දැන් මේ ගණනත් 42 දක්වා ඉහළ ගොස් තියෙනවා.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon