ඔබේ පරිගණකය හොරෙන් රිංගන්නේ කුමන වෙබ් අඩවි වලටද

ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය නොහොත් ඉන්ටෙර්නෙට් connection එක සාමාන්‍යයෙන් තිබිය යුතු වේගයට වඩා අඩු වේගයකින් දත්ත හුවමාරු කරගන්නා බවක් ඔබට දැනී තිබේද ? ,.. මෙය ලංකාවේ අපට පමණක් නොව , පරිගණකයක් භාවිතා කරන ඕනෑම අයෙකු මුහුණ පාන ඉතා සුලභ අත්දැකිමකි. එය ඔබගේ ඉන්ටෙර්නෙට් connection එකෙහි පවතින ගැටළුවක් විය හැකි අතරම , ඇතැම් විට ඔබගේ පරිගණකයේ install කර ඇති යම් මෘදුකාංගයක් , පරිගණකය ඉන්ටෙර්නෙට් වෙත සම්බන්ධ වූ විට ඉබේම යාවත්කාලීන, හෙවත් auto update වීම නිසාද මෙය සිදුවිය හැකි නමුත් සමහර අවස්ථා වලදී ඔබ නොදැනුවත්වම ඔබගේ පරිගණකයට ඇතුලත් වී ඇති malware , spyware , adware වැනි පරිගණක virus වර්ග, ඔබගේ ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවය භාවිතා කරමින් සිටීමද මෙයට හේතු විය හැකිය. මෙවන් virus වර්ග අතර පරිගණකයේ ක්රි යාවලිය සම්පූර්ණයෙන් අඩාල කළ හැකි ආකාරයේ virus මෙන්ම, ඔබ නොදැනුවත්වම ඔබ ගැන, හෝ ඔබගේ පරිගණකය ගැන තොරතුරු රැස් කරන spyware ආකාරයේ virus තිබිය හැකිය. වඩාත් භයානක තත්ත්වය නම් එයයි. ඔලිඳ ඇටයකිනුත් ඇස් කණ විය හැකි මෙවන් කාල වකවානුවක තමාත්, තමාගේ පරිගණකයත් අනතුරට ලක් නොවන්නට අප දන්නා සරල ප්රෙයෝගයකින් , එනම් netstat commands භාවිතයෙන් මෙවන් virus වර්ග ඉවත් කරගන්නේ කෙසේදැයි මේ ලිපියෙන් අවධාරණය කෙරේ.

පරිගණකයටපවතිනසම්බන්ධතාපිළිබඳවසොයනආකාරය.

මෙම virus ඉවත් කිරීමේ ක්‍රියාවලිය Windows 8,7 ,Vista සහ XP තුල යොදාගත හැකිය. ඔබ සතුව ඇත්තේ Windows XP නම් එය අවම වශයෙන් XP Service Pack 2 මාදිලියේ එකක් විය යුතු අතරම, ඔබගේ පරිගණකය කිසිවෙකුගේ අනිසි ප්‍රයෝජනයකට (hack කිරීමකට ) භාජනය වී නොමැති බවද උපකල්පනය කල යුතුය. ඔබ Windows 8.x භාවිත කරන අයෙක් නම් Start button එක මත right click කර එවිට දිස් වන ලැයිස්තුවෙන් Command Prompt (Admin) යන්න තෝරාගෙන එය click කරන්න.

Image

ඔබ Windows 7 , vista භාවිත කරන අයෙක් නම් Start button එක මත click කර cmd.exe යනුවෙන් type කර එවිට කළු පැහැති සලකුණක් සමග දිස්වන Command Prompt මත right click කර එවිට දිස් වන ලැයිස්තුවෙන් Run as administrator යන්න තෝරාගෙන එය click කරන්න.

Image

පරිගණකය තුල ගේ user account settings වලට අනූව , මේ අවස්ථාවේදී ඇතැම් විට user account dialog box එක දිස් විය හැකි අතර , එසේ වුවහොත් එහි yes යන්න click කරන්න.

Image

දැන් commnad prompt එක තුල පහත පරිදි type කර enter කරන්න.

netstat -abf 5 > activity.txt

මෙම command එකෙහි -a විකල්පය මඟින් පරිගණකය සතු සියලුම සම්බන්ධතා සහ listening ports ද -b විකල්පය මඟින් එම සම්බන්ධතාවයක් ඇති කරන යෙදුම් මෘදුකාංගනොහොත් application කුමන ඒවාද යන්නද , -f මඟින් එම එක් එක් සම්බන්ධතා වල පවතින විකල්ප (connection options) සඳහා වන සම්පූර්ණ DNS name එකද පෙන්වන අතර එය එම සම්බන්ධතා ඇතිකරගෙන තිබෙන්නේ කුමක් සමඟද යන්න වටහා ගැනීම පහසු කරවයි. -n විකල්පය භාවිතා කරමින් ඔබට අවශ්යn නම් IP address එක කුමක්දැයි බැලීමටද හැකියාව ඇත.සෑම තත්පර 5කට වරක්ම මෙම විකල්ප 5 භාවිත කරමින් පරිගණකය එතුල සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව අවබෝධයෙන් සිටියි. එසේ සිදුවන සියල්ල activity .txt නම් ගොනුව මත සටහන් වේ.

මිනිත්තු 2කට පමණ පසු ඉහත දත්ත සටහන් වීම නවත්වනු පිණිස යතුරු පුවරුවේ Ctrl + C press කරන්න.

Image

ඉන්පසු ඔබගේ ප්‍රියතම text edtorඑක භාවිතයෙන් හෝ activity .txt යනුවෙන් command line එකක් ලෙස type කර notepad මඟින් ඉහත දත්ත සටහන් වූ ප්ර තිඵල සටහන බැලිය හැකිය. මෙම ප්‍රතිඵල සටහනෙහි අඩංගු වන්නේ ඔබ පෙර අවස්ථාවේ Ctrl +C යනුවෙන් type කරන ලද අවසාන මිනිත්තු දෙක තුල ඔබගේ පරිගණකය තුල සිදුවූ සියලුම ක්‍රියාවලීන් (Processes : browser , IM clients , email ආදිය) පිලිබඳ ලැයිස්තුවක් බව ඔබට වැටහෙනු ඇත. තවද මෙම සටහනේ වෙබ් පිටු සඳහා සම්බන්ධ වූයේ කවර ක්‍රියාවලිද යන්න පිලිබඳ විස්තරද අඩංගු වේ.

මෙම ක්‍රියාවලි අතර ඔබට හුරුපුරුදු නැති ක්‍රියාවලීන්නම් හෝ වෙබ් පිටු පිළිබඳව අඩංගු වේ නම් සරලවම ඔබට ගූගල් හි type කර එය කුමක්ද යන්න පරික්ෂා කර බැලිය හැකිය. එය ඇතැම් විට ඔබ නොදන්නා system function එකක් හෝ, ඔබගේ දැනට ක්රියයාත්මක වන වැඩසටහනක් මඟින් භාවිත කරන එකක් විය හැකි නමුත් , කෙසේ හෝ ඉහත වෙබ් පිටු නුසුදුසු ඒවා යැයි පෙනී යයි නම් ගූගල් භාවිතයෙන් ඔබට ඒවායින් ඉවත් වන්නේ කෙසේද යන්න සොයාගත හැකිය.

Image

TCPView භාවිතයෙන් ඔබගේ පරිගණකයට පවතින සම්බන්ධතා පිළිබඳව සොයන ආකාරය.

SysInternalstoolkit සමඟ එන TCPViewනම් අනර්ඝ උපයුක්තය භාවිතයෙන්, ඔබට ඔබගේ පරිගණකයේ ක්‍රියාවලින් සම්බන්ධ වී ඇති මූලාශ්‍ර මොනවාද යන්නත් එම සම්බන්ධතා අවසන් කරන්නේ කෙසේද යන්න මෙන්ම ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටත් හැකියාව ලැබේ.

Image

පළමු වරට TCPViewඋපයුක්තය load කල විට විව්ධාකාරයේ වෙබ් ලිපින වලට සම්බන්ධ වී ඇති system process විශාල ප්‍රමාණයක් ඔබට දැක ගැනීමට හැකි වන අතර, එය ගැටළු සහගත තත්ත්වයක් නොවන බව ප්‍රථමයෙන් වැටහ ගත යුතුය. එවන් ආකාරයේ සම්බන්ධතාවයක් TIME-WAIT තත්ත්වයේ පවතින ඒවා වන අතර , එයින් කියවෙන්නේ එම සම්බන්ධතාවයන් අවසන් වී ඇති බවත් , එම නිසා අදාළ සම්බන්ධතාවයන් පැවරීමට කිසිඳු ක්‍රියාවලියක් හෙවත් process එකක් නොමැති නිසා ඒවා PID 0වෙත පවරා ඇති බවය.

මෙය බොහෝ විට සිදුවන්නේ ඔබ process ගණනාවකට සම්බන්ධ වී සිටීමෙන් පසු TCPViewඋපයුක්තය load කල විටය. නමුත් අදාළ සම්බන්ධතා අවසන් කළ පසු එම උපයුක්තය තවදුරටත් විවර (open ) කර තැබීමෙන් ඒ සියල්ල ඉවත් වනු ඇත.

CurrPortsභාවිතයෙන් ඔබගේ පරිගණකයට පවතින සම්බන්ධතා පිළිබඳව සොයන ආකාරය.

නොමිලේ ලබාගත හැකි CurrPortsමඟින්ද දැනට ඔබගේ පරිගණකයේ විවර වී ඇති TCP/IP හා UDP ports පිලිබඳ ලැයිස්තුවක් ඔබට ලබා ගත හැකිය. මෙම උපයුක්තය portable මාදිලියෙන් පවතින අතර පරිගණකය තුල install කිරීමක් අනවශ්‍යය. මෙය භාවිතා කිරීමට ඔබ බාගත කළ Zip ගොනුව extract කර එහි ඇති cports.exe යන්න run කරවිය යුතුය.

මෙමගින් එක් එක් port එක විවෘත කරවන ලද සියලුම ක්‍රියාවලි පිලිබඳ තොරතුරු ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබට ඒ අදාළ සම්බන්ධතා තෝරාගෙන ඒවා අවසන් කල හැකි මෙන්ම ports වල තොරතුරු ඇමිණුම් පුවරුවට (clip board) එකට පිටපත් කිරීම හෝ HTML , හෝ XML ගොනුවකට , එසේත් නැති නම් tab delimited ගොනුවකට save කළ හැකිය. CurrPortsහි ප්රටධාන window එක තුල දක්නට ලැබෙන සිරස් තීරු හා ගොනු වල save කරගත් ඒවා නැවත සංවිධානය කිරීමට ඔබට හැකියාව ඇත. ඉහත ලැයිස්තුව යම් විශේෂ සිරස් තීරුවකින් බෙදා වෙන් කර බලා ගැනීමට අදාළ සිරස් තීරුවේ ශීර්ෂය මත click කිරීම කල හැකිය.

Image

CurrPortsඋපයුක්තය Windows NT, Windows 2000, Windows XP, Windows Server 2003, Windows Server 2008, Windows Vista, Windows 7, හා 8 මෙන්ම බොහෝ දුරට Windows 9 තුලද ක්‍රියාත්මක වීමට ඉඩකඩ ඇත. Windows සඳහා මෙය 64bit මාදිලියෙන්ද බාගත කිරීමේ හැකියාව ඔබට ඇත.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon