ලේසියෙන් share කරන Jumpshare

ඔබගේ පරිගණකයේ ඔබ විවිධ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරගනු ලබන ලිපි ගොනු (files) අද වන විට OneDrive හා Dropbox භාවිතයෙන් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට ඔබට හැකිය. නමුත් Jumpshare භාවිතා කරමින් ඊටත් වඩා පහසුවෙන් එම ලිපි ගොනු හුවමාරු කරගත හැකි බව ඔබ දන්නවාද? Jumpshare හි ඇති විශේෂත්වය කුමක්ද යන්න ඔබට දැන් සිතනවා ඇති. පළමුකොටම ගත් කල , මෙයට ඔබගේ browser එක තුලදී එකිනෙකට වෙනස් ලිපි වර්ග විශේෂ (file formats) 200කට වඩා හසුරුවීමේ හැකියාව ඇත. දෙවනුව ගත් කල මෙම Jumpshare භාවිතය ඉතාම පහසු වේ. ඔබට කිරීමට ඇත්තේ අදාළ file එක Jumpshare හි icon එක මතට ඇද දමා එය කිරීමයි. එවිට ඔබට හුවමාරු කල හැකි link එක clipboard එක මත දිස්වනු ඇත. එසේත් නැතිනම් එහි pop up මෙනුවේ ඇති හුවමාරු කිරීමේ විකල්ප (sharing options) භාවිතයෙන්ද ඔබට එය කල හැකිය.

Image

ඔබ සතුව Jumpshare හි plus මාදිලිය ඇති නම්, එහිදී එක්තරා දින ගණනකට පසු ස්වයං ලෙස සංහරණය වන (self-destruct) link එකක් නිර්මාණය කිරීමට මෙන්ම , බාගත කිරීම අහෝසි කර එම link මඟින් එම ලිපි ගොනු ඔබගේ වෙබ් browser එක තුල දිස්වන සේ සැකසීමට ඔබට හැකිය. එවිට එම අදාළ link , ඍජුවම ඊමේල් පණිවිඩයක් ලෙස හෝ copy කර paste කිරීමෙන් ඒවා හුවමාරු කල හැකිය. ඔබ screenshots ආදිය විශාල ප්‍රමාණයක් ලබාගෙන ඒවා හුවමාරු කිරීමට තැත් කරන්නේ නම් එයටද ගැලපෙන හා භාවිතා කල හැකි විකල්ප Jumpshare හි ඇත. මෙම වෙබ් පැනලය ඔබට ඔබගේ පරිගණකයේ ඇති ලිපිගොනු සමඟ කටයුතු කිරීම ඉතාම පහසු කරවන අතරම, Dropbox වැනි ඒවා ආකාරයටම ක්‍රියාත්මක වේ. මෙහි ඇති එකම වෙනස මෙන්ම සුවිශේෂිත්වය නම්, මෙම Jumpshare තනිකරම file හුවමාරු කිරීම සඳහාම නිර්මාණය කර තිබීමයි.

Image

Jumpshare හි නොමිලයේ ලබා දෙන අනුවාදය ඔබට ගිගා බයිට 2ක සංචිතයක් ලබා දෙන අතර, එහි plus අනුවාදය ටෙරා බයිට එකක් දක්වා වූ සංචිතයක් මෙන්ම, අතිරේක පහසුකම් රැසක්ද ලබා දේ. ඔබගේ රැකියා හා ජීවන රටාවේදී මෙසේ පරිගණකගත ලිපිගොනු හුවමාරුව ඔබ බොහෝ විට සිදු කරයි නම්, සත්තකින්ම Jumpshare යනු අත්හදා බැලිය යුතුම වෙබ් පැනලයකි. එය නොමිලයේම ලබා ගත හැකි නිසා එය අත්හදා බලා සිය භාවිතය සඳහා යොදාගැනීමේ තීරණය ගැනීම ඔබ සතුය.

Image

මෙම අවධාරණය කරගත් දත්ත විශ්ලේෂණය කරමින් අදාල පර්යේෂකයන් පැවසුවේ මෙම xenon වායුව යොදාගෙන කරන ප්‍රතිකාරයේ සාර්ථකත්වය, මොලයට සිදුවූ අදාළ හානියසිදු වූ මොහොත හා එම ප්‍රතිකාරය කරන මොහොත දක්වා ඇතුලත ඇති කාලය මත පදනම් වන බවය. ඉක්මනින් ප්‍රතිකාරය ලබා ගන්නා තරමට මොලයට වන හානිය අවම කරගැනීමට අදාළ පුද්ගලයාට හැකි වනු ඇත.

දරු උපතක් වන අවස්ථාවකදී , ඔක්සිජන් වායුව හිඟ වීම නිසා අනතුරට ලක්වන බිලිදන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනටමත් මෙම xenon වායුව සම්බන්ධ සාර්ථක ප්‍රතිකාරයක් අත්හදා බලමින් සිටින ඉම්පීරියල් විද්‍යාලයේ පර්යේෂකයන්, එම වායුවම භාවිතා කරමින් ඉහත කී ආකාරයේ විවිධ අනතුරු නිසා මානව මොලයේ ඇති වන ද්විතියක රෝගී තත්ත්ව වලට ප්‍රතිකාර කිරීම ද ඒ අයුරින්ම සඵල හා නිවැරදි ක්‍රමයක් වනු ඇති බවට තරයේ විශ්වාස කරයි.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon