USB Stick එක පරිගණකයෙන් සුරක්ෂිත ව ඉවත් කරමු...

විවිධ දත්ත ගබඩා කර ගැනීම සඳහා ද තොරතුරු සම්ප්‍රේෂණය සඳහා ද බොහෝ දෙනා USB Sticks එකක් භාවිත කරන බව රහසක් නො වේ. එහෙත් එය මනා ව භාවිත කිරීම පිළිබඳ ව ඔබට අවබෝධයක් තිබේ ද? මෙහි දී අප ගේ අවධානය යොමු වන්නේ එය සුරක්ෂිත ව ඔබේ පරිගණකයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනි.

බොහෝ USB Sticksවල කුඩා එළියක් දැක ගත හැකි ය. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විට එය නිවෙමින් දැල්වීම සිදු වේ. files හුවමාරු කිරීම වැනි කටයුත්තක් කරමින් සිටින අවස්ථාවක දී එය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර, මෙබඳු අවස්ථාවක දී එය වහා පරිගණකයෙන් ඉවත් කළ හොත් දත්ත හානියක් සිදු වීමේ හැකියාව පවතී.

Image

එහෙත් එය ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින්නේ යැයි ඔබ සිතන මොහොතක වුව ද එය ක්‍රියාත්මක වී පැවතිය හැකි ය. පසුබිමෙහි ක්‍රියාත්මක වන යම් වැඩසටහනක් ඔබ ගේ USB Sticks එකෙහි ඇති දත්ත කියවමින් සිටිනවා වන්නට පිළිවන. උපකරණය eject කිරීමට ඔබ යොමු විය යුත්තේ මේ හේතුවෙනි.

Image

ඔබ Better Performance යන පහසුකම සක්‍රීය කර තිබේ නම්, දත්ත cache වන බැවින් කිසිදු විටෙක හානියක් සිදු නො වේ. ඔබ උපකරණය eject කළ විට මෙහෙයුම් පද්ධතිය විසින් ඉතා ඉක්මනින් දත්ත cache කර safe to remove යන නිවේදනය ප්‍රදර්ශනය කරනු ඇත. මෙය කාර්යක්ෂම ඉහළ නංවා ගැනීමට ද ඉවහල් වන්නකි.

Image

කෙසේ වෙතත් උපකරණය eject කිරීම බොහෝ දෙනා අමතක කරන්නකි. මෙම අනාරක්ෂිත ක්‍රමවේදයෙන් මිදී, උපකරණය ප්‍රදර්ශනය වන ස්ථානයේ right-click කර eject යන්න තෝරා, USB Stick එක සුරක්ෂිත ව ඉවත් කළ හැකි බව පරිගණකය දැනුම් දුන් පසු එය ඉවත් කිරීමට ඔබ පෙලඹිය යුතු වේ. මෙම ක්‍රමය Windows මෙහෙයුම් පද්ධතියට පමණක් වලංගු වන අතර, Linux, Mac OS X ආදියේ දී file manager ඔස්සේ eject කර ගත යුතු වෙයි.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon