User Account Control සම්බන්ධ ගැටලු ඔබටත් පැන නැගී තිබේ ද ?

Windows මෙහෙයුම් පද්ධතියට ඇතුළු කරන ලද User Account Control පහසුකම, Windows Vista මෙන් ම Windows 7 සහ 8 සංස්කරණවලට ද පොදු වෙයි. එහෙත් මෙය භාවිත කරන බොහෝ දෙනා හට යම් යම් ගැටලු මතු වන බවක් පෙනේ. Windows XP සතු ව පැවති විශාල ගැටලුවක් වූයේ administrator account එක භාවිතයෙන් සිදු කෙරෙන සියලු කටයුතු සඳහා පරිගණකයෙහි පූර්ණ අවසර හිමි වීම යි. නිදසුනක් වශයෙන් ගත් කල, යම්කිසි හානිකර වැඩසටහනක් ක්‍රියාත්මක කළ කල එය සමස්ත මෙහෙයුම් පද්ධතියට ම හානිකර අන්දමෙන් ක්‍රියාත්මක විය. මෙයට විසඳුමක් ලෙස limited user accounts භාවිතය සිදු කළ හැකි නමුත්, එහි දී ලැබෙන පහසුකම් ප්‍රමාණයේ අඩුවක් පවතී. ඇතැම් වැඩසටහන් ද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත.

Windows Vista සඳහා නව User Account Control ක්‍රමවේදයක් ඇතුළත් කරන ලද්දේ මෙයට විසඳුමක් වශයෙනි. administrator user ගිණුමකින් පරිගණකයට යමකු ප්‍රවේශ වූ විට, explorer.exe වැඩසටහන පසුබිමෙහි ධාවනය කරවීම Windows මෙහෙයුම් පද්ධතිය විසින් සිදු කෙරේ. එහි දී Applications විවෘත වනුයේ limited permissions යටතේ ය. full administrator permissions සඳහා ඔබ ගෙන් විමසීමක් එහි දී සිදු වන අතර, එක් click එකකින් එය අහෝසි කිරීමේ හැකියාව පවතී.

Image

Windows Vista සංස්කරණයේ දී මෙ අපේක්ෂිත පරිදි මනා ව ක්‍රියාත්මක නොවූ නමුත්, Windows 7 සහ 8 සංස්කරණවල දී එය මනා ව ක්‍රියාත්මක වීම සිදු වේ.

administrator access නොමැති ව කිසි සේත් run විය නොහැකි සේ නිර්මාණය කරන ලද ඇතැම් පැරණි වැඩසටහන් සඳහා, මෙසේ ඔබ ගේ අවසරය විමසීම අනිවාර්යයෙන් සිදු කරනු ලැබේ. එහෙත් ඔබ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වැඩසටහන පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට යම් හානියක් සිදු කරන්නේ නම්, එම අවසරය ලබා දීමට පෙර දෙවරක් සිතා බැලීම වැදගත් ය.

Image

administrator ගිණුම් limited user ගිණුම් සමග බෙහෙවින් සමාන ලෙස ක්‍රියාත්මක වන බවට පත් කිරීම User Account Control පහසුකම මගින් සිදු වෙයි. ඒ සඳහා අවසර දීමට කළ යුත්තේ Yes button එක click කිරීම පමණි. software එකක් install කිරීම වැනි අවස්ථාවක දී, අදාළ password එක ඇතුළත් කිරීමෙන් administrator ගිණුමට අදාළ පහසුකම ලබා ගත හැකි වේ.

Image

කෙසේ වෙතත් Limited user accounts සහ administrator accounts අතර විශාල පරතරයක් ද පවතී. administrator password නොදන්නා Limited user කෙනකුට administrator ගිණුමට පිවිසීමේ අවස්ථාව නො ලැබේ. මෙම පහසුකම අක්‍රීය කිරීමේ හැකියාව ද පවතින නමුත්, එය සක්‍රීය කර තැබීම ඔබේ පරිගණකයේ සුරක්ෂිතතාවට ඉවහල් වෙයි.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon