-Fan electric ගුවන් යානය

විවිධ විලාසිතාවන් ගේ යතුරුපැදි, මෝටර්රථ දිනෙන් දින වෙළෙඳපොළ ආක්‍රමණය කරයි. මේ අතර ඇතැම් සමාගම් නා නා මාදිලියේ ගුවන් යානා නිෂ්පාදනයට ද අත ගසා තිබෙනු දක්නට ලැබේ. Airbus සමූහයට අයත් E-Fan electric වෙතින් සිය ප්‍රථම ගුවන් යානය නිෂ්පාදනය වන්නේ ද මේ අනුව ය.

මොවුන් ගේ පළමු අත්හදාබැලීම මාර්තු මාසයේ දී සිදු වූ අතර, මෙම නව ගුවන් යානය නිෂ්පාදනයේ දී පළමු වැන්නේ භාවිත බැටරි බලය සහ ශක්තිය කළමනාකරණය යන සාධක වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

මී. 6.7ක දිගකින් යුතු මෙම යානයේ, පියාපත් සමග පළල මී. 9.5කි. පිටතින් බලන කල ක්‍රීඩා භාණ්ඩයක ස්වරූපය ගන්නා මෙයට, විද්‍යුත් මෝටර දෙකක් සම්බන්ධ ව පවතී. අවම ශබ්දයක් නිකුත් කරමින් ක්‍රියාත්මක වන මෙම යානය, සමබර කිරීම ද පහසු වේ.

250 V lithium-ion බැටරි දෙකක් මගින් බලය ලබා දීම සිදු වන අතර, පැයක කාලයක් වැය කරමින් ආරෝපණය කළ යුතු බැටරි පැයක කාලයක් මුළුල්ලේ ගැටලුවකින් තොර ව පරිභෝජනය කළ හැකි ය. කෙසේ වෙතත් හදිසියේ බැටරි නැවත ආරෝපණය කර ගැනීමේ ගැටලුවක් මතු විය හැකි බැවින්, අමතර බැටරි යුගළක් යානයේ තැන්පත් කර තිබේ.

මෙහි ඉදිරිපස රෝද දෙකක් සහ, පියාපත්වලට පහළින් තවත් රෝද යුගළක් ලෙස රෝද දැක ගත හැකි වේ. 60 km/h වේගයක් ගමනේ දී ලබා ගත හැකි ය. Farnborough Air Show ප්‍රදර්ශනයේ දී මෙම නව යානය කලඑළි බැසීමට නියමිත ය.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon