Windows 8.1 සමග සම්බන්ධ වීමේ දී ඔබ දැන ගත යුතු සියලු දෑ මෙන්න

පරිගණක භාවිත කරන්නන් අතර Windows මෙහෙයුම් පද්ධතිය කෙතරම් ජනප්‍රිය දැයි අමුතුවෙන් පවසන්නට දෙයක් නැත. Windows නොමැති ව පරිගණකයක් නොපැවතිය හැකි මට්ටමට ම එය ජනප්‍රිය වී තිබේ. එහෙත් අතීතයේ දී පරිගණකවල මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වූයේ නැත. අප මේ සූදානම් වන්නේ ඒ අතීතය වෙත ඔබ රැගෙන යෑමට යි.

මුල්කාලීන පරිගණකවල පැවතියේ DOS මොහයුම් පද්ධතිය යි. මෙහි දී රූප වෙනුවට විවිධ commands භාවිත කරන ලදි. එහි දී මෙම commands ආධාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු වූ අතර, ඔබ ඒවා දැන සිටීම අනිවාර්ය විය. නිදසුනක් ලෙස ගත් කල, floppy drive එකට පිවිසීම සඳහා A: යනුවෙන් type කර Enter කළ යුතු ය. directories වෙනස් කිරීමට CD ලෙස ද directory එකක ඇති files නැරඹීමට DIR ලෙස ද භාවිත කළ යුතු වේ. floppy disk එකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ විට, එය floppy drive එකට ඇතුළු කර, මෙහෙයුම් පද්ධතිය අදාළ commands ලබා දීමට අපට අවසර දෙන තුරු බලා සිටිය යුතු ය. MS-DOS මෙහෙයුම් පද්ධතිය යටතේ file name එකක අඩංගු විය හැකි උපරිම අක්ෂර සංඛ්‍යාව 8කි.

Image

මෙහි දී ඔබට කාර්යයන් කිහිපයක් එක් වර සිදු කිරීමේ හැකියාව නො ලැබේ. ඔබ යම් වැඩසටහනක් විවෘත කළ පසු, එය සමස්ත තිරය පුරා ම පැතිර පවතී. වෙනත් වැඩසටහනක් විවෘත කිරීමට අවශ්‍ය නම්, පළමු වැඩසටහන වසා දැමීම සඳහා වන command එක පළමු ව භාවිත කළ යුතු ය. මේ නිසා terminate and stay resident නම් පහසුකමක් ද මෙම මෙහෙයුම් පද්ධතිය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එහි දී පළමු වැඩසටහන keyboard shortcut එකක් භාවිතයෙන් වසා දමා, දෙවැනි වැඩසටහනක් විවෘත කර ගැනීමට සහ එහි කාර්යය නිම වූ පසු එම keyboard shortcut එක මාර්ගයෙන් නැවත පළමු වැඩසටහන විවෘත කර ගැනීමට හැකියාව පවතී. එහෙත් මෙහි දී පළමු වැඩසටහන run වීම සිදු නො වේ. Linux වැනි මෙහෙයුම් පද්ධතියක දී පවා එක් වර වැඩසටහන් කිහිපයක් run කිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

Hardware සම්බන්ධයෙන් මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය ද වර්තමානයෙන් වෙනස් වේ. එහි දී එක එල්ලේ ම hardware සමග සම්බන්ධ වීම අවශ්‍ය වේ. නිදසුනක් ලෙස ගත් කල, ඔබ ගේ sound card එක භාවිතය අවශ්‍ය වන DOS ක්‍රීඩාවකට, ඒ සමග එක එල්ලේ සම්බන්ධ වීමේ හැකියාව පැවතිය යුතු ය.

Image

Windows 3.0 සහ Windows 3.1 යන මුල්කාලීන සංස්කරණ, සත්‍ය වශයෙන් ම ධාවනය වූයේ DOS මෙහෙයුම් පද්ධතිය යටතේ ය. DOS prompt එක මත WIN යන command එක ලබා දීමෙන් මේවා ක්‍රියාත්මක කළ යුතු විය. එයින් බැහැර විය යුතු ව තිබුණේ ද නැවත DOS වෙත පිවිසීමෙනි.

Windows 95, 98, 98 SE සහ ME සංස්කරණ සමග DOS මෙහෙයුම් පද්ධතියට හිමි ව තිබූ ස්ථානය ක්‍රමයෙන් අහිමි විය. ස්වාධීන මෙහෙයුම් පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නට Windows සමත් වූ අතර, යල්පැන ගිය මෙහෙයුම් පද්ධතියක් ලෙස මේ වන විට බොහෝ දෙනා විසින් DOS අර්ථකථනය කරනු ලැබේ.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon