පාපැදියත් අලුත් වෙලා...

පාපැදිය කියන්නෙ හරි අපූරු වාහනයක්. ලොකු පොඩි කාට වුනත් ඕනෑම තැනක පැදගෙන යාමේ හැකියාවක් තියෙන දුප්පතාගෙ වාහනේ නෙ. හැබැයි ඉතින් දුප්පතාගෙ වාහනේ කියන්නමත් බෑ. හැම තරාතිරමකම කට්ටිය ලඟ පාපැදියක් නම් අනිවාර්යෙන්ම තියනවා. සමහරු එදිනෙදා කටයුතු කරගන්න පාපැදිය භාවිතා කරනකොට තවත් සමහරු ශරීර සුවතාවයට වගේම විනෝදාංශයක් විදියටත් පාපැදිය පදින්න පුරුදු වෙලා ඉන්නවා.ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා... ඔබ පාපැදිය පදවගෙන යන අවස්ථාවක එකපාරටම වැස්සොත් මොකද කරන්නෙ?

මෙන්න තියනවා ඒ ප්‍රශ්නෙට විසඳුම. මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ ස්විස්ලන්තයේ තියෙන සමාගමක් විසින්. Dryve (ඩ්‍රයිවි) කියලා මේකට ලස්සන නමකුත් දීලා තියෙනවා. ඉතාම නම්‍යශීලී වගේම පාපැදියෙන් වෙන් කර තබා ගත හැකි ආකාරයට නිපදවලා තියෙන මේ උපකරණය මගින් ඔබට වැස්සේ උනත් තෙමෙන්නෙ නැතුව පාපැදියේ ගමන් කරන්න පුළුවන්. පාපැදියේ හැඬලයටත් ආසනය පිටුපසටත් සම්බන්ධව ඇති කුඩයක් ආකාරයේ මෙම උපාන්ගය තප්පර 30ක් ඇතුලත වක්‍රාකාරව මෙහි ඇති ආරක්ෂක සැකිල්ල වටා එතෙමින් වර්ෂාවෙන් ඔබව සුරක්ෂිත කරනවා. ඉදිරියෙන්වත් පිටුපසින්වත් මේ උපකරණය ඔබ වටා ආවරණය වෙලා නැති උනත් කවාකාර සැකිල්ලකින් යුක්ත නිසා ඉතාම පහසුවෙන් ඔබට ඉදිරි මාර්ගය පෙනෙන ආකාරයට තමයි මේ Dryve නිපදවා තියෙන්නේ.

Image

මේකෙ තවත් විශේෂිතම ලක්ෂණයක් තමයි ග්‍රෑම් 850ක් පමණ බරකින් යුතු මේ ආවරණය භාවිතා නොකරන අවස්ථාවකදී හකුලා තබා ගැනීමට ඇති හැකියාව. මේ විදියට හකුලගන්න ආවරණය කුඩා ගෝනියක් වගේ සකසාගෙන පාපැදිය පිටිපස රාක්කය මත තබාගෙන ගමන් කරන්නටත් ඔබට පුළුවන්.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon