නිල් අහස් තලය මත අපූර්ව අත්දැකීමක්

ඔබ වරක්, දෙවරක් ඇතැම් විට කිහිප වරක්ම ගුවන් යානයක ගමන් කර තිබීමට පුළුවන. ඇතැම් විට ඔබ අනාගතයේ ගුවන් යානයක ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිය කෙනෙක්ද විය හැකිය. කෙසේ වුවත් ඔබ ඔය කොට්ටාශ දෙකෙන් කුමන එකට අයත් වුවත්, ඔබ මේ දැනගන්නට යන මේ පුවත, ඔබට ඉතාමත් ආස්වාදජනක එකක් වනු නොඅනුමානය.

ලොව පුරා ව්‍යාප්ත වී ඇති එක්තරා වෙළඳ සමාගමක් මගින් නිර්මාණය කිරීමට අදහස් කර ඇති මෙම නව මාදිලියේ ගුවන් යානය, අනිවාර්යයෙන්ම රට රට වල සැරිසරමින් නව අත්දැකීම් එක් කරගන්නා අයෙකුගේ ඒ අත්දැකීම් ගොන්නට එකතු කරගත හැකි ඉතා වටිනා අත්දැකීමක් බව ප්‍රථමයෙන් කිව යුතුමය. මෙම නවීන ගුවන් යානයේ ඇති විශේෂත්වය නම් මෙය ජනේල රහිත විනිවිද පෙනෙන ආවරණයකින් යුතු ගුවන් යානයකි. මෙය සතුව බාහිර කැමරා පවතිනු ඇති අතර, ඒවා අංශක 360ක තත්‍ය කාලීන දර්ශන පථයක් ලබා ගැනීමට සමත් වන ඒවා වෙයි . එසේ කැමරා වලින් ලබාගන්නා දර්ශන ගුවන් යානයේ කැබින් බිත්ති බිත්ති හා සිවිලිමේ ඇති දර්ශනය කරන පුවරු පතිත කරවන අතර , එය ගුවන් යානයේ ගමන් ගන්නා මගින්ට ඉතාම දර්ශනීය ලෙසට නැරඹිය හැකිය.

Image Image

ගුවන් යානයේ ඇති දර්ශන නැරඹිය හැකි තිරයන් ගුවන් යානාව තුල සිදු කරන video සාකච්ඡ සඳහා මෙන්ම වෙනත් පින්තුර වර්ග පෙන්වීමටද යොදාගත හැකිය. එවන් පින්තුර හා දර්ශන උදෑසන මුහුදු වෙරල, කාන්තාර ආදී භූ දර්ශන මෙන්ම අභ්‍යවකාශයේ ඒවා ද විය හැකිය. මෙය මඟීන්ගේ ගුවන් ගමන ඉතාමත් අස්වාදජනක මෙන්ම, සැමදා මතකයේ රැඳී තිබෙන එකක් කරවනු ඇත.

Technicon Design සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම අනාගත ජනෙල රහිත IXION ගුවන් යානය පිලිබඳ අදහස ප්‍රංශයේ ජාතික ව්‍යාපාර ගුවන් තරණ එකමුතුවේ වූ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය එහි සිටි කර්මාන්ත අංශයේ දැවැන්තයන්ගේ නොමද පැසසුමට ලක්විය. එසේම එම අදහස වෙනුවෙන් Technicon Design පිරිසට අන්තර්ජාතික නාවික හා ගුවන් තරණ සම්මාන උළලේ පරිබාහිර නිර්මාණ අංශය යටතේ විශේෂ සම්මානයක්ද පිරිනැමුණි.

Technicon Design Studio හි මෙම ගුවන්යානය පිලිබඳ අදහස නිර්මාණය කල පිරිසට දෙන ලද අභියෝගය නම්, වර්තමානයට ගැලපෙන ලෙස සකස් කල හැකි, නමුත් සාමාන්‍ය චින්තනයෙන් මදක් ඔබ්බට ගිය, වෙනස් ආකාරයක් ගන්නා, එහෙත් හුදෙක්ම මනක්කල්පිතයක් සේ නොදැනෙන නිර්මාණ අදහසක් ඉදිරිපත් කරන ලෙසයි. එසේම එය උචිත හා ඇදහිය හැකි ආකාරයේ එකක් විය යුතු වූ අතරම , සාකච්චාවට බඳුන් විය හැකි ආකාරයේ එකක් විය යුතු විය. කෙටියෙන්ම කියතොත් මෙය ලෝක සම්මත චින්තනය එසේත් නැතිනම් නැතිනම් සාම්ප්‍රදායික , සම්මුතිගත කල්පනාවන් බිඳ හෙලන නිර්මාණ අදහසක් විය යුතු එකක් විය.

Image Image

ඉදින්, මෙම විවාදාත්මක එහෙත් ඉතාම අස්වාදජනක , මඟීන්ට ඍජුවම හා කිසිඳු බාධාවකින් තොරව පිටත පරිසරය රස විඳීමට අවකාශ සලසන , විනිවිද පෙනෙන ගුවන්යානය පිලිබඳ අදහස මේ සියලුම අභියෝග ජයගනිමින් ඉදිරිපත් වූ බව සරලවම ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon