ලෝක සිතියම වෙනස් කරන අන්තර්ජාලය

අද වන විට අන්තරජාල පහසුකම දැකිය නොහැකි නිවසක් හෝ කෙනෙකු කෙනෙකු සෙවීම පිදුරු ගොඩක වැටුණු ඉදිකටුවක් සොයන්නාක් තරම් අපහසුය. හැම කෙනෙකු සතුවම පරිගණකයක් නොතිබුනත්, අන්තරජාල පහසුකම සහිත ජංගම දුරකතනයක් නම් බොහෝ විට ඇත. මේ ආකාරයෙන් ලෝක සිතියම පුරා විහිදුනු අන්තර්ජාල පහසුකම පිලිබඳ දත්ත ආශ්‍රයෙන් ගතහොත් ලෝකයේ හැඩය කෙබඳු වේදැයි ඉතියම් ගත කිරීමට Oxford Internet Institute හි පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබේ. මෙය සිදු කර ඇත්තේ අන්තර්ජාල පහසුකම සහිත පුද්ගල සංඛ්‍යාවන්ගේ දත්ත රැගත් 2011 වසරේ වාර්තාවන් මත පදනම්වය. මෙම සිතියමට අනුව චීනය අන්තර්ජාලයේ මහගෙදර බවට පත්වී ඇත. එනම් චීනයේ අන්තර්ජාල පහසුකම භාවිතා කරන පිරිස බිලියන භාගයකටත් වඩා අධිකය. ඒ හැරුණු විට අන්තර්ජාලය වැඩිපුරම භාවිතා කරන රටවල් අතර ඇමෙරිකාව, ඉන්දියාව හා ජපානය පිලිවෙලින් සිටී.ෂඩාශ්‍රාකාර හැඩති සංඛ්‍යා සිතියම් ක්‍රමය (hexagon-shaped cartogram) මත මෙම සිතියම අඳින ලද අතර අන්තර්ජාල පහසුකම භාවිතා කරන පිරිස් වල සංඛ්‍යාව මත එහි රටවල් වල තරම සලකුණු කර ඇත. එහි සෑම ෂඩාශ්‍රාකාර හැඩති ලකුණක් ආසන්න වශයෙන් මිලියනයෙන් තුනෙන් එකක ප්‍රමාණයේ අන්තර්ජාල පහසුකම භාවිතා කරන්නනන් පුද්ගල පිරිසක් නිරූපණය කරයි. එසේම ඊට වඩා අඩුවෙන් අන්තර්ජාල පාරිභෝජකයන් සහිත රටවල් සිතියමෙන් ඉවත් කර ඇත. වැඩි වශයෙන්ම එසේ ඉවත් වී ඇත්තේ බොහෝ අප්‍රිකානු රටවල් වන අතර ඒ අතර Chad හා Niger ද වේ. මෙහි වර්ණවත් කර ඇති ප්‍රදේශද එක් එක් රටවල අන්තර්ජාල පාරිභෝජකයන්ගේ ගහන ඝනත්වය පෙන්නුම් කරයි. තද වර්ණයෙන් ඇති ඒවා අන්තර්ජාලය භාවිතා කරන්නන් අධිකතම රටවල් වේ.මීට අනුව , ඇතැම් රටවල් බහුල වෙබ් භාවිතය හේතුවෙන් විශාල ලෙස පෙනුනත්, මුළු ජනගහන ඝනත්වයක් ලෙස සැළකු විට ඔවුන්ගේ එම ප්‍රමාණය අඩු විය හැකි බව මෙයින් පෙනේ.මෙම සිතියම ඇඳීමට උපයෝගී කරගන්නා ලද 2011 වසරේ වාර්තාවන් වල සැපයුම්කරු වන්නේ ලෝක බැංකුවයි. ඔවුන් සිය Worldwide Governance Indicators ව්‍යාපෘතිය යටතේ මෙම දත්ත එකතු කිරීම අරඹන ලද්දේ 1996 වසරේදීය. එම දත්ත වලට අනුව , ලොව 42%ක අන්තර්ජාල පාරිභෝජකයන් පිරිසක් වසන්නේ ආසියාවේය. ඒවා අතුරින් චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් යුරෝපා සහ උතුරු ඇමෙරිකානු රට වලට වඩා බහුල අන්තර්ජාල භාවිතයක් දක්වති. මෙම අන්තර්ජාල පාරිභෝජක ඝනත්වය වැඩි වීමේ සීඝ්‍රතාව වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ යුරොපා රටවල්ය. ඒවායිනුත් ඩෙන්මාර්ක් , බ්‍රිතාන්‍යය හා ජර්මනිය ප්‍රධාන තැනක් ගනී. බොහෝ ලතින් ඇමරිකානු වල මෙම සීඝ්‍රතාවය වැඩි වීමේ ප්‍රතිශතය 40%කට වඩා වැඩි වේ. පසුගිය වසර තුන ඇතුලත ඇල්ජීරියාව හැරුණු විට අනෙකුත් උතුරු අප්‍රිකානු රටවල් සිය අන්තර්ජාල භාවිතා කිරීමේ ප්‍රතිශතය දෙගුණයකින් වැඩි කලත්, සහරාවේ කොටසක් ලෙස ඇති බොහෝ අප්‍රිකානු රටවල් වල අන්තර්ජාල භාවිතය මුළු ජනගහනයෙන් 10%කටත් වඩා අඩුය . Image පසුගිය මසකදී ටෙක්සාස් ප්‍රාන්තයේ සංඛ්‍යා සිතියම්කරුවෙකු විසින් එක්තරා මෘදුකාංගයක් යොදාගෙන ලෝක ගෝලයේ සෑම තැනකම ඇති වෙබ් උපාංග වෙත ping කරන ලද අතර එයින් ගත් සංඥා යොදාගෙන තාක්ෂණයේ ගෝලීය එක්වීම පෙන්නුම් කරන සිතියමක් නිර්මාණය කරන ලදී. මෙම සංඥා රවුටර වලට මෙන්ම iPhone හා Android උපාංග වලටද යවන ලදී. පැය 5ක් ඇතුලත මෙම ping කිරීම අවසන් වූ අතර, සිතියම නිර්මාණය කිරීමට ඔහුට පැය 12කට වඩා කාලයක් ගත වී තිබුණි. පසුගිය වසරේ ද ග්‍රැහැම් සහ සෙබාටා යන පරිගණක විශේෂඥවරු ද ලොව ඇති විශාලතම වෙබ් අඩවි උපයෝගී කරගනිමින් සංගණනයක් කල අතර, එහිදී Google පළමු තැනට පැමිණියේ රටවල් 50කම වැඩිපුරම භාවිතා වන වෙබ් ජාලය බවට පත්වෙමිනි.. එසේම රටවල් 62කම 2වැනියට වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය බවට පත්වුයේ Facebookය. මේ හැරුණු විට චීනයේ Baidu සෙවීම් එන්ජිම රටවල් 2ක ජනතාව අතර ජනප්‍රිය බවද හෙළි විය. මෙමගින්ද අඳින ලද සිතියමේ එක් එක් වර්ණ වලින් පෙන්වන්නේ වැඩිපුරම භාවිතා කරන ලද වෙබ් අඩවි පිලිබඳවය. එහි එක ඒකකයකින් මිලියනයක පමණ අන්තර්ජාල පාරිභෝජකයන් පිරිසක් නිරුපනය කරයි. අන්තර්ජාලය කරලියට පැමිණි මුල් වකවානුවේ හැමදෙනාම පැවසුවේ කල් යත්ම මෙමඟින් මුළු ලෝකයම එකම එක යායක් බවට පත්වනු ඇති බවය. එහෙත් ඔවුන් පැවසු ඒ එක යාය මෙතරම් ඉක්මනින් එනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon