Antivirus වැඩසටහනක් අත්‍යවශ්‍ය ඇයි?

පරිගණකයක් භාවිතයේ දී අවධානය යොමු කළ යුතු කරුණු අතර ප්‍රධාන කරුණක් වශයෙන් එහි ආරක්ෂාව හඳුනා ගත හැකි ය. ඒ පිළිබඳ ව ඔබ කොපමණ සැලකිලිමත් වුව ද, ඔබට නොපෙනෙන පරිද්දෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට හානි පැමිණවීමේ හැකියාව වෛරස් වැඩසටහන් සතු ව පවතී. Antivirus වැඩසටහනක් අවශ්‍ය වන්නේ මෙම තත්ත්වයන් ගෙන් ආරක්ෂා වීම සඳහා ය.

බොහෝ දෙනා ගේ අදහස පරිදි වෛරස් හෝ malware පරිගණකයට ඇතුළු විය හැක්කේ සැක සහිත තොරතුරු download කිරීම, හානිදායක software භාවිතය, අනාරක්ෂාකාරී වෙබ් අඩවි වෙත පිවිසීම, බ්‍රවුසරයෙහි Java plug-in එක සක්‍රීය කොට තැබීම වැනි කරුණු මගින් පමණි. එහෙත් හානිදායක වැඩසටහනක් පැතිරීම සඳහා මුල් වන හේතු, මෙම කරුණුවලට සීමා කළ හැකි නො වේ.

Image

ඔබ පිවිසෙන්නේ විශ්වාසවන්ත වෙබ් අඩවි කිහිපයකට පමණක් වන්නට පිළිවන. එසේ වෙතත් වර්තමානයේ විවිධාකාර සයිබර් ප්‍රහාර සිදු වන බැවින්, එම වෙබ් අඩවිවලට ද එබඳු ප්‍රහාර එල්ල වී තිබෙන්නට පිළිවන. එසේ නම් ඔබ පිවිසෙන්නේ එබඳු ප්‍රහාරයක් මගින් බැට කෑ වෙබ් අඩවියකට විය හැකි ය. එහි දී ඔබ නොදැනුවත් ව ම වෛරස ඇතුළු වීමේ හැකියාවක් පවතී.

මෙහි දී සිදු වන්නේ, keyloggers, Trojans, rootkits වැනි හානිදායක වැඩසටහන් ස්වයංක්‍රීය ව ඔබේ මෙහෙයුම් පද්ධතියට ඇතුළු කිරීම සඳහා ඉහත malware වැඩසටහන් උත්සාහ කිරීම යි. එබන්දක් හඳුනා ගත හැක්කේත් වළක්වා ගත හැක්කේත් Antivirus වැඩසටහනක් භාවිතයෙන් පමණි.

Image

ඇතැමුන් ගේ අදහස වන්නේ Antivirus වැඩසටහන් නිසා පරිගණකයෙහි ක්‍රියාකාරී වේගය අඩු වන බව යි. මෙය අතීතයේ දැක ගත හැකි වූ දුර්වලතාවක් වන නමුත්, නූතන Antivirus වැඩසටහන් මෙම දුර්වලතාව මග හැරගෙන තිබේ. වර්තමාන පරිගණක ද කාර්යක්ෂමතාව අතින් ඉහළ මට්ටමක පවත්නා හෙයින් ඒවායේ වේගය පහළ දැමීම සඳහා හැකියාවක් මෙම වැඩසටහන්වලට නොමැති ය. Windows 7 සඳහා Microsoft Security Essentials, Windows 8 සඳහා Windows Defender වැනි නොමිලේ ලබා දෙන වැඩසටහන් විශාල මතක ධාරිතාවක් ලබා නොගන්නා අතර, පරිගණකයෙහි වේගය කෙරෙහි ද බලපෑම් නො කරයි.

මෙහි දී සිහි තබා ගත යුතු තවත් කරුණක් වන්නේ Antivirus වැඩසටහනක් සියල්ල සිදු නොකරන බව යි. එනම්, එබඳු වැඩසටහනක් භාවිත කළ ද අනාරක්ෂාකාරී ආකාරයෙන් පරිගණකය හැසිරවීමෙන් වැළකීම කෙරෙහි ඔබේ අවධානය යොමු විය යුතු ය. කෙසේ වෙතත් මෙම කරුණු Windows මෙහෙයුම් පද්ධතිය සඳහා සාධාරණ වන අතර, Linux මෙහෙයුම් පද්ධතිය සඳහා Antivirus වැඩසටහන් අවශ්‍ය නො වේ.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon