පළිඟු හිස් කබලේ අබිරහස

1924 දී බ්‍රිතාන්‍ය ජාතික දේශගවේෂකයකු හා කතුවරයකු වූ F.A.Mitchell-Hedges සිය දියනිය වූ Anna සමඟ මධ්‍යම ඇමරිකාණු නම් ප්‍රදේශයට සංචාරය කලේය. ඔවුන්ගේ අරමුණ වූයේ Belize හි වනමැද ඇති පුරාණ මායාවරැන්ගේ නගරයක් වූ “ලුබන්වුන්” Lubaantun) හි නටබුන් අධ්‍යයනය කිරීමයි.

එක් දිනක් Anna හෙවත් Mitchell ගේ දියනිය ගරාවැටුණු පිරමීඩයක් වැනි ගොඩනැගිල්ලක් මතට නැඟුණු අතර කෙළින්ම ඉහලින් වැටුණු මධ්‍යහ්න හිරැ එළිය පිරමීඩයේ මුදුනේ ඇති සිදුරකින් එය ඇතුලට වැටී යමක් අධික ලෙස දිලිසෙනු ඇයට දැක ගත හැකි විය.

කණ්ඩායමේ කිසිවෙකත් එම සිදුර තුලින් යාමට තරම් කුඩා නොවූ නිසා Anna ලණුවක ආධාරයෙන් පිරමීඩය තුලට බට අතර ඇය විසින් පිටතට පැමිණියේ අරැම පුදුම වස්තුවකුත් සමගය. මෙය තනි පුළිඟු කැටයකින් (Crystal) කැටයම් කර තිබූ අතිශයින් මානවරූපී මිනිස් හිස් කබලක් විය. නැවත වරක් කළ සෙවීමකදී එයට සරිලන යටි හනුවක්ද සොයා ගත හැකි විය.

මායා වරැන්ගේ මත වලට අණුව ලොව පුරා මෙවන් පුළිඟු හිස් කබල් හෙවත් Crystal skulls 13 ක් රහසිගත ස්ථාන වල සඟවා ඇති බව පැවසේ. මේ වන විට එයින් 7 ක් සොයාගෙන ඇත.එයින් 4 ක් පුද්ගලික එකතූන් වල ඇති අතර 3 ක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ, ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ සහ පැරීසියේ කේ බ්‍රැන්ලි කෞතුකාගාරයේ තබා ඇත.

Image

මේ සියල්ල ලෙස හා විශාල වාර ගණනක් විවිධාකාර පරීක්ෂණ වලට ලක්කර ඇත.මේ අතරින් Mitchell Hedges පළිඟු හිස් කබල විශේෂ වන්නේ එය ඉතාමත් විශ්මය ජනක ලෙස පරිපූර්ණ මිනිස් හිසක ආකාරයට නිපදවා ඇති නිසාය.

මෙහි කිසිඳු ස්ථානයක අනවශ්‍ය සීරීම් ලකුණක් දක්නට නොලැබුණු අතර ඉතා සුළු පළුදු වීමක් වුවද දක්නට ලැබුනේ දත් ආසන්නයේ සහ ඇස් වටා පමණි. මෙම හිස් කබල නිපදවා තිබූ පුළිගුව වැනි අමුද්‍රව්‍ය පෘථිවියේ වෙනත් තැනකින් සොයාගෙන නොතිබූ අතර එය උණුසුම් වුවද, සිසිල් වුවද එකම උෂ්ණත්වය රඳවා ගනී. මෙම පුළිගුව කැටයම් කිරීමේ දී පළිගුවේ ස්වභාවික රේඛා වලට විරැද්ධ අතට කැටයම් කර තිබූ බව පරීක්ෂකයන් පවසන අතර එසේ කළ හොත් ඕනෑම පළිඟුවක් පුපුරායන බව ඔවුන් පවසති.

මේවා නිපදවා ඇත්තේ අප දන්නා කියන උපකරණ භාවිතා කරමින් හෝ අප දන්නා කියන තාක්ෂණයකින් නොවන බව නම් පැහැදිළිය. වත්මන් තාක්ෂණික ක්‍රම මගින් වුවද මෙවැන්නක් නිපදවීම අතිශය අපහසු බව බොහෝ ක්ෂ්‍රේත්‍රෙය් ප්‍රවීණයෝ පවසති. එසේ නම් මෙම හිස් කබල් නිර්මාණය කළේ කවුද ඒවා සැබැවින්ම මොනවාද ?

Image

මායාවරුන්ගේ පුරාවෘත්තයකට අනුව මෙවන් පළිඟු හිස් කබල් 13 ක් ඇති බව අපි ඔබට කළින් පැවසුවෙමු. එම පුරාවෘත්තයේ ඉතිරි කොටස වන්නේ මෙම හිස් කබල් සියල්ල එක් තැනකට ගෙන ආ විට ලෝකයම වෙනස් කිරීමට ඒවා සමත් වන බවයි. මේ පුරාවෘත්ත වලට අනුව දියුණු හා බුද්ධිමත් ජීවීන් සිටින ග්‍රහලෝක 13 ක් (පෘථිවිය ඇතුලුව) ඇති බව පැවසේ. මෙම ග්‍රහලෝක අතරින් පෘථිවිය හඳුන්වන්නේ “ළදරැවාගේ ග්‍රහලෝකය” යන නමිනි. අප අන් ග්‍රහ ලෝක වල තාක්ෂණයට වඩා පිටුපසින් සිටින බව මෙම මගින් හෙළි කරයි. එම පුරා වෘත්තයට අනුව පළිඟු හිස් කබල් 13 මගින් ඒ එක් එක් ග්‍රහ ලොව නියෝජනය කරන අතර පෘථිවියට ඔවුන්ගේ දැණුම ලබාදීම සඳහා මෙම හිස් කබල් ඒ එක් එක් ලෝකයෙන් මෙලොවට ගෙන එන ලදැයි පැවසේ. ඒ සියළුම දැණුම 13 වන හිස් කබලට හෙවත් පෘථිවියට අයත් හිස් කබලට ආරෝපණය කළ බවද පැවසේ.

මෙය හුදෙක් සුරංගනා කථාවක්ද ? නැතහොත් පළිඟු හිස් කබල් යනු යම් ආකාරයක දත්ත ගබඩා වක්ද ? විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව Crystal හෙවත් පළිගු තුල දත්ත ගිගාබයිට් මිලයන ගණනක් තැන්පත් කළ හැකි බව හෙළිවී ඇත. එය සත්‍ය නම්, මෙතෙක් මෙතෙක් සොයාගත් පළිඟු හිස් කබල් වල ලොව ඇති ඕනෑම පරිගණක පද්ධතියකට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් රඳවා ගත හැකි වනු ඇත.

එම කරැණ සත්‍ය නම් මෙය මායාවැන්ගේ පිරමීඩයක තිබී හමුවීමද එයටම හොඳින් ගැලපේ. මායාවරුන්ගේ ගොඩනැගිලි වල බොහෝවිට මිනිස් හිස් කබල් දක්නට ලැබුනු අතර ඒවා දැණුමේ සලකුනක් ලෙසද භාවිතා කරන ලදී.පසුගිය දිනවල අතිශය මතබේදයට තුඩුදුන් මායාවරුන්ගේ කැලැන්ඩරය වැනි අනාගත රූපී නිර්මාණ කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනේ මෙම හිස් කබල් නිසා බව බොහෝ දෙනා විශ්වාස කරති.

එසේ නම් මෙම හිස් කබල් සැබැවින්ම අපගේ වර්ථමානය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලීමට හැකි විප්ලවීය දත්ත ගබඩාවක් ද? එය දැක ගැනීමට නම් එක්කෝ අප මෙම හිස් කබල් 13 ම සොයා ගත යතුය. නැතිනම් එහි ඇති දත්ත පිටතට ගන්නා ආකාරය සොයාගත යුතුය. සමහර විට, එම දත්ත හෝ හිස් කබල් මෙළොව සැඟවූ අය, ළදරුවාගේලෝකය ඒවා සොයාගන්නා මට්ටමට දියුණු වන තෙක් එයදෙස බලා සිටිනවාද විය හැකිය.

දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon